පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය




පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව නත්තල් සිරි ගනී

25 12 2018 - 09:00 AM

අසල්වැසියාට ප්‍රේම කිරීම යන උසස් සිතුවිල්ල පෙරදැරි කරගෙන සමාජ මෙහෙවරක යෙදෙන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව දෙසැම්බර් 25 දින එලඹෙන අසිරිමත් කිතු බැතිමතුන්ගේ නත්තල් සැමරුම කේන්ද්‍ර කර ගනිමින් 2018/12/19 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙහිදී කිතු බැති ගී (කැරොල් ගීත) ගායනා කරමින් අලංකාර කිරීමට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගායනයෙන් සම්බන්ධ වූ අතර එහිලා දෙපාර්තමේන්තුවේ සේවය කරන කිතුණු භක්තිකයන්ගේ ආරාධනයෙන් රාජගිරිය බෙතනි පල්ලියෙහි දිල්ෂාන් පියතුමා සහභාගී වූ අතර එතුමන් විසින් නත්තලෙහි සැබෑ අරුත පිළිබඳ විස්තරාත්මක දේශනයක් කොට සියලු නිලධාරීන් වෙනුවෙන් යාඥා කරන ලදී.නත්තල් සැමරුම් උළෙල වර්ණවත් කරමින් සැඟවුණු නත්තල් සීයා ක්‍රීඩාවෙහි සියලු නිලධාරීන් යෙදුණු අතර එකිනෙකා විසින් තෑගි හුවමාරු කරගන්නා ලදී. මෙම සැමරුම මගින් දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන්ගේ එකමුතුව අන්‍යෝන්‍ය මිත්‍රශීලී බැඳීම වඩාත් ඉස්මතු කිරීමට හේතු විය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk