එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය ප්‍රකාශයට පත්කර තිස් වසරක් සම්පූර්ණ වීමත්, එම ළමා අයිතිවාසිකම් ක්‍රියාත්මක කරනු වස් රජයේ සේවය තුළ ස්ථාපිත කරනු ලැබූ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්ගේ සේවයට වසර 20 සපිරීමත් සමරනු වස් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ළමා අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන පර්යේෂණ සම්මන්ත්‍රණය සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින්ගේ වාර්ෂික සංස්කරණ සම්මේලනය 2019.08.29 සහ 30 යන දෙදින තුළ තුල්හිරිය මාස් ෆැබ්රික් පාර්ක් ආයතනයේ දී පැවැත්විය.
මෙම වැඩසටහනෙහි සමාරම්භක උළෙල කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කමිටුවේ සභාපතිනි වෛද්‍ය තුසිතා විජේමාන්න මැතිණිය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ගරු ලේකම් දර්ශනා සේනානායක මැතිණිය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමිය පී. චන්දිමා සිගේරා මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ටිම් සට්න්, චයිල්ඩ් ෆන්ඩ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත කැතරින් මැණික්, සේව් ද චිල්ඩ්රන් ආයතනයේ කලාපීය අධ්‍යක්ෂක ජුලියන් චෙල්ලප්පා සහ වර්ල්ඩි විෂන් ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂක ජයන්ත ගුණසේකර මහතා ද ඇතුළු ක්ෂේත්‍රෙය් ප්‍රවීනයන් රැසක් සහභාගී වූහ.
ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන් 400 පමණ සහභාගී වූ මෙම වැඩසටහන මගින් ශ්‍රී ලාංකේය ළමා රක්ෂණ ක්ෂේත්රය තිස් වසරක ඉතිහාසය තුළ මුහුණ පෑ අභියෝගයන් සාක්ෂි පදනම් වූ පර්යේෂන මූලාශ්‍ර ඇසුරින් සාකච්ඡා කිරීමටත් ඉන් අනතුරුව තෝරා ගන්නා ලද කාලීන මාතෘකා 4 යටතේ සමගාමී සැසි පවත්වමින් නිලධාරින් අතර දැනුම බෙදා හදා ගැනීමටත් අවස්ථාව උදා විය. එමෙන්ම ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්ගේ විසි වසරක තෘණ භූමි මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා වූ වපසරිය තුළ ලැබූ වෘත්තීය අත්දැකීම් පදනම් වූ ප්‍රහස්ථ ව්‍යවහාරයක් ඉදිරිපත් කිරීමටත් මෙහිදී අවස්ථාව උදා විය.
දෙපාර්තමේන්තු සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරින්ගේ, සංවර්ධන නිළධාරින්ගේ හා වෙනත් වෘත්තීයවේදීන්ගේ ලිපි ඇතුළත් “සදූපදේශ” නමින් වාර්ෂික සඟරාවක් ද පර්යේෂණ ලිපි අතුළත් ග්‍රනථයක් ද එළි දැක්වීම මෙහිදී සිදු විය.
ප්‍රගති...
15 10 2020 - 09:00 AM
ලෝක ළමා දිනය...
02 10 2020 - 09:30 AM
නව රාජ්‍ය ලේකම් වැඩ භාර...
25 08 2020 - 10:00 AM
ගරු රාජ්‍ය අමාත්‍යතුමන්ගේ වැඩ භාර...
13 08 2020 - 10:00 AM