පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



විදේශීය හදාවඩා ගැනීම්

ශ්‍රී ලංකාවේ පුරවැසියන්නොවන්නාවූද ශ්‍රී ලංකාවේ පදිංචි හෝ ශ්‍රී ලංකාවේ වාසතිය නොමැති අය විදේශීය ඉල්ලුකරුවන් ලෙසට සලකනු ලැබේ.1941 අංක 24 දරණ ළමුන් හදා වඩා ගැනීමේ ආඥා පනත අනුව (1992 අංක 15 දරණ සංශෝධනය) විදේශයන්හි පදිංචි ඉල්ලුකරුවන් තමා පදිංචි රාජ්‍යයෙන් පරිසර අධ්‍යයන වාර්තා,පොලිස් වාර්තා ඇතුළු අනෙකුත් ලියකියවිලි ශ්‍රී ලංකා තානාපති කාර්යාල හරහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු වේ.

එසේම අන්තර්ජාතික වශයෙන් ළමුන් හදාවඩා ගැනීමේදී අදාළ වන හේග් සම්මුතියේ නීති රීති ද අනුගමනය කලයුතු වේ.කිසියම් දරුවකු හඩාවඩා ගැනීමට දේශීය ඉල්ලුම්කරුවන් ඉදිරිපත් නොවන්නේ නම් අනත්දරු ආඥා පනත යටතේ ලියාපදිංචි ළමා නිවාසයක වෙසෙන එවැනි දරුවකු විදේශීය ඉල්ලුම්කරුවන්ට වෙන් කිරීමේ හැකියාව ඇත්තේ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් වෙත පමණි.කිසිදු විදේශීය ඉල්ලුම්කරුවකුට දරුවන් තෝරා ගැනීමේ හැකියාවක් නොමැත.කුලවැද්දීමට අදාල සියලු කටයුතු ඔවුන් පදිංචි රාජ්‍යයන්හි රාජ්‍ය ආයතන හා මෙරට හේග් සම්මුතියට අනුව මධ්‍ය අධිකාරිය වන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අතර සිදුවේ.

විදේශ හදා වඩා ගැනීමේ මාර්ගෝපදේශ සහ ඇමුණුම් පහත දක්වා ඇත.

 




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk