පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමා මූලික පර්යේෂණය

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ දි හදුන්වාදුන් ළමා මූලික පර්යේෂණය මේ වන විට දිස්ත්‍රික් 12 ක ක්‍රියාත්මක කර ඇති අතර 2018 වර්ෂයේ දි සෙසු දිස්ත්‍රික් 13 හි ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. දරුවන්ගේ සහභාගීත්ව අයිතිය සුරක්ෂිත කරමින් ඔවුනගේ ක්‍රියාකාරි  දායකත්වය ළමාරක්ෂණය උදෙසා සැපයීමට අවශ්‍ය එක් ප්‍රවේශයක් හදුන්වා දීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණ වන අතර පර්යේෂණ ක්‍රමවේද පිළිබදව දරුවන්ගේ දැනුම පුළුල් කිරීමත් තවත් එක් අරමුණක් වේ.

මෙම වැඩසටහන අදියර 2 ක් යටතේ ක්‍රියාත්මක කරන අතර පර්යේෂණය සිදු කිරීම සදහා රු.40,000.00 බැගින් ද පර්යේෂණයෙන් හදුනාගත් ගැටළුව පදනම් කොට ගෙන එයට විසදුම් ලබා දීමට යෝජිත වැඩසටහනක් සදහා රු.50,000.00 ක මුදලක් ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් දිස්ත්‍රික් ළමා සභා දරුවන් වෙත ලබා දීමට සැලසුම් කර ඇත.

ඒ අනුව මෙම යෝජිත වැඩසටහන  දිස්ත්‍රික් ළමා සභා දරුවන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් මූලික වැඩමුළුවක් 2018.04.20 සහ 21 යන දෙදින තුල තලාහේන ප්‍රජා පුහුණු මධ්‍යස්ථානයේ දි පැවැත්විය. එහිදී පර්යේෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් මූලික දැනුම ලබා දුන් අතර තම දිස්ත්‍රික්කයට අදාල දරුවන් කෙරෙහි බලපාන්නා වූ ගටළුවක් සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කර නිර්දේශ ඉදිරිපත් කිරීම අපේක්ෂා කෙරේ.

වර්තමාන ව්‍යාපෘති

ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය

ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය...

යුනිසෙෆ් ව්‍යාපෘති

යුනිසෙෆ් ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන...

ආරක්ෂණ සැලසුම් සකස් කිරීම

අවදානම් තත්වයේ පසුවන දරුවන් සඳහා...

ළමා කේන්ද්‍රීය ආපදා අවම කිරීම

පරිවාස හා ළමාරක්ෂක සේවා...




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk