පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීන් හා දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් ඇතුළු සහභාගීවන්නන් 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන් හා කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාරි ජයසේකර මැතිණියගේ ප්‍රධානත්වයෙන් විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රතිපත්තිය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමේ වැඩසටහන 2022.01.20 හා 21 යන දෙදින හලාවත අනන්තය හෝටලයේදී පවත්වන ලදී. යුනිසෙෆ් ආයතනයේ දායකත්වය මත මෙම දෙපාර්තමේන්තුව විසින් පුහුණු වැඩසටහන සංවිධානය කරන ලදී.
2019.03.06 දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය පළාත් මට්ටමින් ක්‍රියාත්මක තත්වයට පත් කිරීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම මෙම වැඩමුළුවේ අරමුණ විය. පළාත් වල පවතින ගැටළු හා ප්රමුඛතාවයන් හඳුනාගෙන පළාත් මට්ටමින් ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට හැකි විය. එම ක්‍රියා කාරී සැලැස්ම මේ වසරේදී ක්‍රියාත්මක භාවයට පත් කිරීමට නියමිත අතර සිය පවුලේ රැකවරණය අහිමි වීමේ අවදානමක් ඇති ළමුන්ට සුදුසු විකල්ප ලබාදීමට හැකියාව ඉන් ලැබෙනු ඇත.
National Children\'s Painting...
01 06 2022 - 10:00 AM
The Meeting of the Provincial Commissioners of...
19 05 2022 - 10:00 AM
Strengthening the Care Plan...
01 03 2022 - 10:00 AM
Distribution of laptops to field...
04 03 2022 - 10:00 AM