පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මඟින් ළමා අයිතිවාසිකම් පුවර්ධනය සහා තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව දරුවන් උදෙසා සේවා සම්පාදනය පහසු කිරීමට මෙන්ම කාර්යාල කටයුතු කාර්යක්ෂමව හා ක්‍රමවත්ව කරගැනීමේ අරමුණින් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිළධාරීන් වෙත ලැප් ටොප් පරිගණක බෙදා දීමක් 2023.03.03 දින කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන ,පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය ශ්‍රවණාගාරයේදී පැවැත් විණි. එහිදී , ළමයින්ගේ සහභාගීත්ව අයිතිය තහවුරු කිරීම හා ඔවුන් බලගැන්වීම උදෙසා දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරන ළමා කේන්ද්‍රීය ආපදා අවදානම් අවමකරණ වැඩ සටහන සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන ලද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ක් සඳහා ලැප්ටොප් පරිගණක ලබා දී සඳහා ,යුනිසෙෆ් ආයතනය විසින් අනුග්‍රහය ලබා දෙන අතර, දිස්ත්‍රික් ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන්ට අවශ්‍ය පරිගණක ලබා දීමට save the children ආයතනය අනුග්‍රාහකත්වය ලබා දෙන ලදී.
මෙම වැඩ සටහන සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා, එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මැතිනිය, යුනිසෙෆ් ආයතනයේ ළමාරක්ෂන ප්‍රධානි මිරැන්ඩා ආම්ස්ට්‍රෝන් මිය, save the children ආයතනයේ අධ්යක්ෂ තත්ව හා පර්යේෂණ රන්ජන් වෙත්තසිංහ මැතිතුමා ඇතුළුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී විය.
කොවිඩි වසංගතය හමුවේ දරුවන් උදෙසා දෙපාර්තමේන්තුව මඟින් ඉටු කරන ලද සේවය පවත්නා සීමිත තාක්ෂණික පහසුකම් සමඟින් වුව ද පුළුල් කිරීමට කටයුතු කිරීමට දෙපාර්තමේන්තුව විසින් ගන්නා ලද ප්රයත්නයන් පිළිබඳ අනුග්‍රාහක ආයතන වල නිලධාරීන් විසින් ඇගයීමට ලක් කරනු ලැබූ අතර, තවදුරටත් කටයුතු ක්‍රමවත් ලෙස කරගෙන යාම සඳහා අනෙකුත් නිලධාරින් වෙනුවෙන් ද ලැප්ටොප් පරිගණක ලබා දීමට ඉදිරියේ දී උත්සහා ගන්නා ලද බව අමාත්‍යතුමා විසින් පවසන ලදී.
Donor of Athwela Programe and other Supportive...
10 08 2022 - 10:00 AM
Launching of Athwela Parent-Sponsored Child...
03 08 2022 - 10:00 AM
Accepting designs for the World Children\'s Day...
25 07 2022 - 09:00 AM
Annual Transfer Requests - 2023...
04 07 2022 - 10:00 AM