2021 ලෝක ළමා දිනයට සමගාමීව ළමා සංවර්ධන මධ්‍යස්ථානවල නේවාසිකව සිටින ළමුන් උදෙසා මාර්ගස්ථ ඉගෙනුම් පහසුකම් ලබා දීම යටතේ "සිසු නැණ ප්‍රදීප පරිගණකාගාර" සෑම පළාතක්ම ආවරණය වන පරිද්දෙන් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු පරිගණකාගාරය ලෙස නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රිකයේ පිහිටි සිවානන්ද තපොවනම් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පරිගණකාගාරය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ දෑතින් 2021.10.07 වන දින විවෘත කරන ලදී.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ සංකල්පයක් මත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණි.
කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සුධීර නිලංග විතාන මහතා ඇතුළු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ නැගෙනහිර පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ආර්. රිස්වානි මහත්මිය ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.
ආරක්ෂණ සැලසුම් සකස් කිරීමේ...
01 03 2022 - 10:00 AM
ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලැප්ටොප්...
04 03 2022 - 10:00 AM
විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය...
21 02 2022 - 10:00 AM
සම්මාන...
28 12 2021 - 09:00 AM