ළමා අයිතිවාසිකම් සම්මුතිය පිළිගෙන අත්සන් තබා ඇති රටක් ලෙස මෙම සම්මුතියේ ක්රියාත්මකභාවය පිළිබඳ වාර්තාවක් වසර 5 කට වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කළ යුතු වේ.
2023 අගෝස්තු මස 10 වන දිනට 7 වන කාලාන්තර වාර්තාව ඉදිරිපත් කළ යුතුව ඇත.
ශ්‍රී ලංකාවේ ළමුන් සම්බන්ධව වඩා ඵලදායී හා සාර්ථක වාර්තාවක් ඉදිරිපත් කිරීමේ අරමුණින් දරුවන් වෙනුවෙන් කාර්යභාරයන් ඉටු කරන අමාත්‍යාංශ සහ ආයතන නිලධාරීන් සඳහා මෙම වාර්තාව සැකසීමේ ක්‍රමවේදය පිළිබඳව එක් දින සම්මන්ත්‍රණයක් 2022.10.12 වන දින පවත්වන ලදි.
කාන්තා, ළමා කටයුකු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ පූර්ණ මගපෙන්වීම යටතේ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් මෙම වැඩසටහන ක්‍රියාවට නංවන ලදි. මේ සඳහා යුනිසෙෆ් ආයතනය අනුග්‍රාහක දායකත්වය දක්වන ලදි.
ළමා සමාජ වැඩසටහන - උපාය මාර්ගික...
13 09 2023 - 10:00 AM
ලෝක ළමා දිනය -...
08 09 2023 - 11:00 AM
Digital Story Telling – සබරගමුව පළාත් වැඩසටහන...
21 08 2023 - 10:00 AM
Digital Story Telling - මධ්‍යම පළාත් වැඩසටහන...
14 08 2023 - 10:00 AM