පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමා කේන්ද්‍රීය ආපදා කළමණාකරණ ව්‍යාපෘතිය

15 12 2022 - 10:00 AM

ආපදා කළමණාකරණයේදී ළමයින්ගේ සහභාගීත්වය ලබා ගැනීම සහ ඒ සඳහා ඔවුන්ගේ කුසලතාවයන් වර්ධනය කිරීම සඳහා  මෙම දෙපාර්තමේන්තුව හා වර්ල්ඩ් විෂන් ලංකා ආයතනය නුවර එලිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතියේ  සමාප්තිය 2022 දෙසැම්බර් මස 13 දින කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සංවර්ධන නිල්මිණි හේරත් මැතිතුමියගේ සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රාමඩා හෝටලයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට  ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්,වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ අධ්‍යක්ෂ  මෙන්ම රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික්කයේ  ව්‍යාපෘතිය සමඟ බද්ධ වූ දරුවන් විශාල පිරිසක් සහභාගිවූ අතර ඔවුන් ඉදිරිපත් කරන ලද විශේෂාංග සමාප්ති උත්සවය වඩාත් උත්කර්ෂවත් කරන ලදී.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk