ළමුන් සඳහා සුරක්ෂිත දේශයක් බිහි කිරීම උදෙසා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ ව්‍යාපෘති හඳුනා ගැනීම සහ රාජ්‍ය නොවන සංවිධාන/ආයතන සම්බන්ධ කර ගනිමින් ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ අවශය වේදිකාවක් නියෝජිකයන්ගේ සහභාගිත්වයෙන් 2023/01/17 වන දින කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශ ලේකම්, යමුනා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්යෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂාව සම්බන්ධ ප්‍රධානි මිරැන්ඩා ආම්ස්ට්‍රෝන්ග් මහත්මිය ද මෙම රැස්වීම සඳහා සහභාගී වූ අතර ළමයින් සම්බන්ධයෙන් දිවයින පුරා කටයුතු කරන දේශීය, විදේශීය රාජ්‍ය නොවන සංවිධාන 23ක නියෝජිතයින් මේ සඳහා සහභාගී විය. පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා විසින් සාකච්ඡා වටයක් ද මෙහෙය වූ අතර, එහිදී වර්තමාන සමාජ, ආර්ථික තත්වය හමුවේ දරුවන් මුහුණ දෙන ගැටළු, ප්‍රමුඛත්වය දිය යුතු ක්ෂේත්‍ර මෙන්ම, එම සංවිධාන වලින් ලබා දිය හැකි සහය ආදිය පිළිබඳව තොරතුරු හුවමාරු කර ගන්නා ලදි.
Digital Story Telling වැඩසටහන - නිලධාරීන්...
18 04 2024 - 09:00 AM
ළමා මූලික ආපදා අවදානම් අවමකරණය...
05 03 2024 - 09:00 AM
නව කොමසාරිස් විසින් රාජකාරි භාර...
06 02 2024 - 10:00 AM
ඩිජිටල් කතන්දර කීමේ වැඩසටහන - අදියර...
22 01 2024 - 10:00 AM