පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනිම

26 01 2023 - 10:30 AM

පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනිම පිළිබව මුලික සාකච්ඡාවක් 2023.01.23 දින මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ දී (ADIC) පවත්වන ලදී. මේ සහා පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ඇතුලු එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සම්පත් ඩී සේරම් මහතා සමගින් එම ආයතනයේ නිලධාරින් ද සහභාගි විය.

ප්‍රබල ගැටවලුවක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුරට දරුවන් ඉලක්ක වීම වැලැක්වීම අරමුණු කර ගනිමින් ක්‍රියාකාරි සැලැස්මක් සකස් කර, මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හා ඒකාබද්ධව ක්‍රියාත්මක කිරිමට මෙම සාකච්ඡාවේ දී  තීරණය විය.   





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk