පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ආයතනගත දරුවන් සඳහා හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා දීම - 2023.01.11

11 01 2023 - 14:00 PM

පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සමග විශේෂ සාකච්ඡාවක් පසුගිය දින පවැත්විණ. ඒ සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් (පුහුණු), ඇතුළු පිරිසක් සහභගී වූහ.

ආයතනගත දරුවන් සමාජගත කිරීම සඳහා වෘත්තීය පුහුණුවීම් හෝටල් ක්ෂේත්‍රය තුළ ලබාදීමට ඇති හැකියාව, ඊට සැලසුම් කල යුතු කාර්යයන් පිළිබඳව සාකච්ඡා වු අතර  විශේෂ නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය එකගතාවය පල කරන ලදී. ගෘහ පාලනය (House keeping) සඳහා විශාල ඉල්ලුමක් හෝටල් ක්ෂේත්‍රයේ පවතින නිසා කෙටිකාලීන  පාඨමාලාවක් ලෙස එය ඇරඹීමටත් පුහුණුවෙන් පසු රැකියාගත කිරීමටත් ඇති හැකියාව ඉතා ඵලදායී ලෙස සාකච්ඡාවට බදුන් විය.

ආයතනගත දරුවන්ට අමතරව පාසල් හැරයන දරුවන් වෙනුවෙන් සිදුකල හැකි මැදිහත්වීම්ද සාකච්ඡා කරන ලද්දේ දරුවෙකු රටට බරක් නොවී ඵලදායී පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමේ සමාජමය වගකීම රටේ සෑම දෙනාම සතු යුතුකමක් වන බැවිනි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk