කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරුවන්ගේ ආරක්ෂාව හා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින අභියෝග සම්බන්ධ සාකච්ඡාවක් ප්‍රාදේශීය ලේකම්ගේ මූලිකත්වයෙන් එම කාර්යාලයේදී 2023.01.31 දින පැවැත්විණි. මෙහිදී වයස අවුරුදු 2ට වැඩි දරුවන්ගේ දෙමව්පියන් විදේශ රැකියා සදහා පිටත් වීම, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය කිරීම, දරුවන් ජංගම දුරකථන සදහා ඇබ්බැහි වීම, පාසල් යාමට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමට ඇති බාධා ආදිය සාකච්ඡා විය .
මෙම අවස්තාවට යුනිසෙෆ් ආයතයේ ළමා හිමිකම් ප්‍රධානි, පරිවාස කොමසාරිස්, ත්‍රිකුණාමාලය දිස්ත්‍රික්කයට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, සහකාර නිලධාරී, පරිවාස නිලධාරීන් සහ නැගෙනහිර පලාත් ප්‍රධාන පරිවාස නිලධාරි ඇතුලු පිරිසක් සම්බන්ධ විය.
පවුල ශක්තිමත් කිරීමේ ක්‍රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM