'සියල්ලටම පෙර දරුවන්' යන තේමාව යටතේ පැවැත්වුනු මෙවර ලෝක ළමා දිනයට සමගාමීව නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී දිස්ත්‍රික් ළමා දින වැඩසටහන 2021.10.07 වැනිදා පැවැත්විය.
'සහන් එළිය' වැඩසටහන මූලික කරගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් සමඟ අමාත්‍යංශය මගින් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින වැඩසටහන් පිලිබඳ ප්‍රගති සමාලෝචනය මෙහිදී සිදුවිය. සියළු ප්‍රාදේශිය සහ දිස්ත්‍රික්කයේ කාන්තා හා ළමා සංවර්ධන කමිටු රැස්විම්වල දී ප්‍රදේශයේ දරුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධව සමාලෝචනය කොට ඒවාට විසඳුම් ලබාදීම ද දරුවන් සහ කාන්තාවන් ගෘහ සේවයට යොදා ගැනීමේ දී සිදුවන අකටයුතුකම් වළක්වාලීමේ අරමුණින් දේශීය ගෘහ සේවකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ද පුළුල්ව සාකච්ඡා විය. මෙහි දී පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ ක්‍රියාත්මක කෙරෙමින් පවතින වැඩසටහන් පිලිබඳ ප්‍රගති සමාලෝචනය ද සිදු කෙරිණ.
මෙම අවස්ථාවට කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමා ඇතුළු ප්‍රදේශයේ දේශපාලකයෝ කිහිපදෙනක් ද, එම අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් සුධීර නිලංග විතාන මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් ද, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් දිසාපති සමන් දර්ශන පණ්ඩිකෝරල මහතා ඇතුළු ප්‍රාදේශීය ලේකම්වරුන් හා ප්‍රදේශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් ඇතුළු පිරිසක් සහභාගී විය.
Strengthening the Care Plan...
01 03 2022 - 10:00 AM
Distribution of laptops to field...
04 03 2022 - 10:00 AM
Awareness of Alternative Care...
21 02 2022 - 10:00 AM
Awards...
28 12 2021 - 09:00 AM