Department of Probation and Child Care Services

Ministry of Women & Child affairs and Dry Zone Development




වතු ආශ්‍රිත ප්‍රදේශවල ළමා අයිතිවාසිකම් පිළිබඳ වැඩසටහන

19 07 2019 - 10:20 AM

තේ කර්මාන්තයෙහි වතු කම්කරුවන් ලෙස ජීවත්වන ඉන්දියානු සම්භවයකින් පැවතගෙන එන ද්‍රවිඩ ජනතාව සුවිශේෂි සංස්කෘතියක් අනුගමනය කරයි. වතු ප්‍රජාව ජීවත්වන භූගෝලීය පරිසරය ගත් විට කඳු පාමුල පිහිටි දුෂ්කර වූත් හුදකලා ගම්මාන වේ. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කරවීමේදී අවධානම් සහිත දරුවන් සිටින වතු ප්‍රජාව සුවිශේෂි අවධානයක් යොමු විය යුතු ජන කණ්ඩායමක් ලෙස හදුනා ගෙන ඇත. ඒ අනුව වතු ආශ්‍රිත දරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වතු ආශ්‍රිත දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වෙත වැඩසටහන් සිදු කිරීම සඳහා පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිපාදන ලබා දී ඇත. ඒ යටතේ දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ පහත සඳහන් වැඩසටහන් සිදු කර ඇත.

1. නුවර එළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව සිදු කරන ලද ජංගම සේවා වැඩසටහන

මේ යටතේ උප්පැන්න සහතික නොමැති ළමුන් සඳහා උප්පැන්න සහතික ලබා දීමත්, පාසල් නොයන ළමුන් පාසල් ගත කිරීමත් සිදු කරන ලදී. මෙම වැඩසටහන අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ලෙයිනෝන් වතු යාය(බගවන්තලාව) ප්‍රදේශයත්, වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෘක්සයිඩ් වතු යාය ප්‍රදේශයෙත්, නුවර එළීය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඔලිෆන්ට් වතු යාය ප්‍රදේශයෙත් සිදු කරන ලදී. මෙය නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මඟින් සිදු කරන ලදී.

2. පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වතු ආශ්‍රිත දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම

පාදුක්ක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය තුළ දෙමළ ජනතාව ජීවත්වන වතු කිහිපයක් පිහිටා ඇත. එනම් පාදුක්ක වත්ත, හල්පෙ වත්ත ආදී වශයෙනි. මෙම වතු ආශ්‍රිතව ද්‍රවිඩ ජනතාව ජීවත්වන අතර ඔවුන්ගේ දරුවන් විශාල සංඛ්‍යාවක් මෙම දෙමාපියන් සමඟ ජීවත් වේ. මෙම වතු තුල ජීවත් වන ජනතාවට අධ්‍යාපනයේ වැදගත්කම පිළීබඳව අවබෝධයක් ලබා දීම තුළින් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීම සඳහා පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ දැනුවත් කිරීමේ වැඩසටහනක් සිදු කරන ලදී.





JOIN US

CONTACT US

  • Dep. of Probation and Child Care Services
  • 3rd floor, Sethsiripaya, 2nd Stage,
  • Battaramulla.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk