නාගරීකරණය මෙන්ම වාණිජකරනය සමඟ සමාජයේ ඇතිවූ මහල් නිවාස ක්‍රමය සමාජයට තවත් එක් උප සංස්කෘතියක් විය. නාගරික පැල්පත්වාසින් හා සුනාමි ව්‍යසනයට මුහුණ දුන් මුහුදු බඩ ජීවත් වු ධිවර ප්‍රජාව සඳහා මහල් නිවාස අලුතින් ඉදිකර පදිංචි කරවන ලදි. සමුහයක් ලෙස ජිවත් වීම නිසා මෙන්ම විවිධ වූ හැසිරීම් සහිත විවිධ සමාජ ආර්ථික මට්ටම්වල පුද්ගලයින් ඒකරාශී වූ ස්ථාන බැවින් මෙම තට්ටු නිවාස වල දරුවනගේ ආරක්ෂාවට විවිධ තර්ජන එල්ලවී ඇත. මහල් නිවාස වල ජීවත්වන දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය දැනුම දෙමව්පියන් හා ප්‍රජාව වෙත ලබා දීමේ පරමාර්ථයෙන් මෙම පවුල්වල දරුවන්ගේ අයිතිවාසිකම් කහවුරු කිරීමේ වැඩසටහනක් දෙපාර්තමේන්තුව විසින් සිදු කරමින් පවතී. ඒ යටතේ දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ පහත සඳහන් වැඩසටහන් සිදු කර ඇත.
සුනාමි ව්‍යසනයේදී අසරණ තත්වයට පත් ධිවර ප්‍රජාවේ දරුවනට නැගී සිටීමට පිළීසරණක් ලෙස මෙම නිවාස යෝජනා ක්‍රමය ස්ථාපිත කෙරිණි. එම ප්‍රදේශයේ කසල මුදා හැරීම හා වැසැකිළි නඩත්තු කටයුතු වල අඩුපාඩු ඇති බැවින් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී.
Be Informed and Get Empowered National Quiz Program -...
25 10 2019 - 09:00 AM
World Children\'s Day -...
01 10 2019 - 09:00 AM
Research Symposium on Child Rights -...
24 09 2019 - 15:00 PM
ඒකාබද්ධ ආදර්ශ ගම්මාන...
19 07 2019 - 14:40 PM