අන්තර්ජාලය සහ තාක්ෂණය සමාජ ප්‍රගමණය ඉලක්ක කරගනිමින් සමාජගත වුවද වර්තමානය වන විට එකී තාක්ෂණය විවිධ කණ්ඩායම් විසින් අන් අයගේ ජීවිත වලට සහ පැවැත්මට තර්ජනයක් වන ලෙස අවභාවිතා කරමින් විවිධ ගැටළු ඇතිකරන බව නොරහසකි. මෙසේ තර්ජනයට පත්වන කණ්ඩායම් අතර ප්‍රබලම අවදානම් කණ්ඩායම වනුයේ ළමයින් බවත් ඔවුන් අන්තර්ජාලය තුළ අපයෝජනයට සහ සූරාකෑමට ලක්වන බවත් වාර්තාගත සිද්ධීන් අවධාරණය කරයි.
මෙම පදනම මත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය තුළ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවරයන් හදුනාගනිමින් සිටී. ඒ අතර අන්තර්ජාලය සහ තාක්ෂණය සාධනීය ලෙස භාවිතා කිරීම පිළිබද දරුවන් දැනුවත් කිරීමත් සුරක්ෂිත අන්තර්ජාල පරිහරණයකට දරුවන් යොමු කරවීම සදහා ඔවුන් දැනුමෙන් සහ කුසලතාවයෙන් බලගැන්වීමත් කාලීන අවශ්‍යතාවයක් ලෙස හදුනාගනිමින් විශේෂ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට මෙම දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත. ඉන් එක් වැඩසටහනක් වන්නේ මෙම නව ක්ෂේත්රය පිළිබද දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් හා සහකාරවරුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීමයි. ඒ යටතේ දෙපාර්තමේන්තුවේ සම්පත්දායක සංචිතයේ සාමාජික නිළධාරීන් පුහුණු කරන ලදි. සිංහල මාධ්‍ය සම්පත්දායක නිලධාරීන් සදහා වැඩමුළු දෙකක් 2020.02.16 සහ 17 ත් දෙවන වැඩමුළුව 2020.02.20 සහ 21 යන දෙදිනත් කොළඹ දී පැවැත්විණ. මේ සදහා පරිසරය සහ සැමතැන වෙසෙන ළමුන් ආරක්ෂා කිරීමේ සංවිධානය (PEaCE) විසින් තාක්ෂණික සහ මූල්‍යමය අනුග්‍රහය ලබාදෙන ලදි.
Progress Reviewing...
15 10 2020 - 09:00 AM
சர்வதேச சிறுவர் தினம்...
02 10 2020 - 09:30 AM
New State Secretary Assumes...
25 08 2020 - 10:00 AM
Hon. State Minister Assumes...
13 08 2020 - 10:00 AM