පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



ළමා නිවාස ප්‍රතිසංස්කරණය

දිවයිනේ පළාත් 9 ම ආවරණය වන පරිදි මධ්‍යම රජයේ පරිවාස දෙපාර්තමේන්තුව මඟින් අනාථ,අසරණ,අත්හල දරුවන්ගේ ආරක්ෂාව,මානසික සංවර්ධනය යහපත්ව පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ළබාදීම සිදු කරයි.ළමා නිවාස ගුණාත්මකව පවත්වාගෙන යාම තුළ එම පරිසරයේ හැදෙන වැඩෙන දරුවන්ගේ ගුණාත්මක සංවර්ධනයක් ලඟාකරගත හැකිය.ඒ සඳහා නිරන්තරව පළාත් පරිවාස නිළධාරීන්ගෙන් ලැබෙන ඉල්ලීම් ප්‍රමුඛතා මත පෙළගස්වමින් අවශ්‍ය වැඩිදියුණු කිරීම් සඳහා ප්‍රතිපාදන ලබා  දීමත් ඒවා නිරන්තර අධික්ෂණයට ලක්කිරීමක් සිදු කරනු ලැබේ.

විශේෂයෙන් දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව සඳහා ආවරණ දැල් වැට,ගේට්ටු,තාප්ප හා ආරක්ෂක කැමරා සවිකිරීම ආදියද ඔවුන්ගේ නිවාසවල වැසිකිලි,කැසිකිලි හා ජලටැංකි ඉදිකිරීම් තුළින් මූලික අවශ්‍යතා ලඟාකරදීමටද සෑම වසරකම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබේ.

පරිවාස පළාත් 9 යෙහි නිවාස වැඩිදියුණුවට අමතරව මධ්‍යම රජයේ පරිවාස දෙපාර්තමේන්තු අධීක්ෂණය යටතේ පවත්වාගෙන යන ළමා පුහුණු හා උපදේශන සේවා මධ්‍යස්ථානයේ භෞතික සම්පත් වාර්ෂිකව වැඩිදියුණු කිරීමද සිදුකරනු ලැබේ.

තවද මෙම නිවාසවල වයස 18 සම්පූර්ණ කරන දරුවන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහාද අවශ්‍ය සහය ලබාදීමට දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබයි.ඒ යටතේ නායකත්ව පුහුණු වැඩසටහන්,රසවින්දන වැඩසටහන්,ළමා කඳවුරු,විනෝද චාරිකා,ක්‍රීඩා තරඟ,සීල ව්‍යාපාර,ශ්‍රමදාන,ආදියද දරුවන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුවට අදාල අත්කම් නිර්මාණ,පින්තාරු,මැහුම්,බේකරි වැඩ,බෑග් හා පාවහන් මැසීම යන කර්මාන්තවල පුහුණුවීම් ලබාදේ.

ළමා නිවාස අධීක්ෂණය යටතේ ඒ ඒ පළාත්වල ළමා නිවාසවලට අවශ්‍ය උපකරණ ලබා දීමත් නිලධාරින් කණ්ඩායම් වශයෙන් ළමා නිවාස වෙත ගොස් ඒවායේ ප්‍රගතිය වැඩිදියුණු කිරීමට අදාළ ගැටළු හඳුනා ගැනීම හා නිර්දේශ ලබාදීමත් සිදු කරයි.එමෙන්ම ළමුන්ගේ උපරිම යහපත සඳහා ළමුන් සමග වැඩ කරන මානව සම්පත නිරන්තර පුහුණුවීම්වල නිරත විය යුතු බැවින් කාර්යය මණ්ඩල පුහුණු සැසි පැවැත්වීමද සිදු කරනු ලැබේ.

ඒ අනුව පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ළමා නිවාස වල භෞතික හා මානව සම්පත වැඩි දියුණු කිරීමට වාර්ෂිකව මිලියන 15ක පමන මුදලක් සැලසුම් ලෙස වැය කෙරේ.

මීට අමතරව රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය අනුග්‍රහය යටතේ ළමා නිවාස සංවර්ධනයට අදාල විවිධ ව්‍යාපෘති ක්‍රියාවට නැංවේ.




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk