පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




නැගෙනහිර පළාත් පරිවාස කොමසාරිස් කාර්යාලයෙහි සේවා කටයුතු පිළිබඳ සාකච්ජාව

31 01 2023 - 10:00 AM

නැගෙනහිර පළාත් පරිවාස කොමසාරිස් කාර්යාලයෙහි සේවා කටයුතු පිලිබද සාකච්ජාව 2023.01.30 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, නැගෙනහිර පළාත් පරිවාස කාර්යාලය සහ යුනිසෙෆ් සංවිධානයේ සහභාගීත්වයෙන් සිදු වූ අතර නැගෙනහිර පළාත තුළ විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමත්, පළාත තුළ වර්තමානයේ ක්‍රියාත්මක ළමුන් ආයතනගත කිරිමේ ක්‍රියාවලිය හා පවතින ගැටළු හා අභියෝග පිළිබඳවද මෙහිදී සාකච්ජා කෙරිණි. මෙහිදී, පළාත් පරිවාස දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන කාර්යභාරය ඇගයීමට ලක් වූ අතර යුනිසෙෆ් ආයතනය මඟින් ලබාදුන් මූල්‍ය අනුග්‍රහය මත 2022 වසර තුළ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පිළිබඳව ද දැනුවත් කිරීම සිදු විය.

තවද, ළමුන් සහතික කල පාසල්ගත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට වැයවන මුදල සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළ අතර හැකි සෑම විටම පවුල තුළම ළමුන් පුනරුත්ථාපනය කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාව සඳහා යුනිසෙෆ් ආයතනයේ ළමා ආරක්ෂාව පිලිබද ප්‍රධානි මිරැන්ඩා ආර්ම්ස්ට්රොන්ග් මහත්මියද, ජාතික පරිවාස කොමසාරිස්, නැගෙනහිර පළාත් පරිවාස කොමසාරිස් සහ නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරී ඇතුළු පරිවාස නිලධාරීන් පිරිසක්ද සහභාගී විය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk