පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ ජාතික ප්‍රතිපත්තිය පිළිබඳ පළාත් ක්‍රියාකාරී සැලැස්ම එළි දැක්වීම

09 06 2023 - 10:00 AM

ශ්‍රී ලංකාවේ ළමයින් සඳහා ශක්තිමත් පවුල් පාදක රැකවරණයක් සැලසීමේ අරමුණින් 2019 වර්ෂයේ දී කැබිනට් අනුමැතිය ලත් ශ්‍රී ලංකාවේ විකල්ප රැකවරණ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මකභාවයට පත් කිරීම සඳහා පළාත් ක්‍රියාකාරී සැලසුම් 9ක් පළාත් මට්ටමින් සකස් කරන ලදි.

එම පළාත් ක්‍රියාකාරී සැලසුම් එළි දැක්වීම පසුගිය ජූනි මස 08 වන දින මීගමුව හෙරිටන්ස් හෝටල් පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මෙම වැඩසටහන ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය, කලා කීර්ති ගීතා සමන්මලී කුමාරසිංහ මැතිතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර මෙම අවස්ථාවට යුනිසෙෆ් නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා, අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් කොමසාරිස්වරුන්, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරීන් ඇතුළු තවත් විශේෂ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

මෙහිදී පළාත් ක්‍රියාකාරී සැලසුම් 9ක් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය වෙත ප්‍රදානය කිරීම සිදු විය.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වූ දරුවන් ළමා නිවාසගත වීම අවම කිරීම හා ඒ සඳහා පවුල ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වල විශේෂ අවධානය යොමු වූ අතර පළාත් ක්‍රියාකාරී සැලැස්ම ප්‍රමුඛතා ඉලක්ක මත ක්‍රියාවට නැංවීමට විශේෂිත ක්‍රියාකාරකම් ගණනාවක් හඳුනා ගන්නා ලද අතර එම ක්‍රියාකාරකම් කඩිනමින් ක්‍රියාවට නැංවීමට එකඟතාවය පළ විය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk