ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මහතා යුනිසෙෆ් දකුණු ආසියානු කලාපීය සුහද තානාපතිවරයා (Goodwill Ambassador) ලෙස 2013 වසරේ සිට කටයුතු කරයි.
2023.08.08 වැනි දින කොළඹ දී පැවති “CRICKET CATCH UP ” වැඩසටහනේ දී ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් මහතා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා සමාජ දරුවන් දස දෙනෙකු සමඟ සිය ජීවන අත්දැකීම් බෙදා ගන්නා ලදි. මෙහි දී එතුමා සමඟ කෙටි කාලයකට ක්‍රිකට් ක්‍රීඩවේ නිරත වීමට ද මෙම දරුවන්ට අවස්ථාව හිමිවිය.
මෙම සුවිශේෂි අවස්ථාව සඳහා ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ කැමැත්ත හා හැකියාව ඇති අම්පාර, අනුරාධපුර, රත්නපුර, බදුල්ල, පුත්තලම, මාතර දිස්ත්‍රික්කවලින් සම්බන්ධ වූ ළමා සමාජ දරු දැරියන් දසදෙනා සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා, නියෝජ්‍ය කොමසාරිස්තුමිය ඇතුලු පිරිස සහභාගී විය.
වැඩසටහන සම්බන්ධීකරණය යුනිසෙෆ් ආයතනය හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලදි.
CRICKET CATCH UP...
09 08 2023 - 10:00 AM
Digital Story Telling - බස්නාහිර පළාත් වැඩසටහන...
07 08 2023 - 09:00 AM
Digital Story Telling - උතුරු පළාත් වැඩසටහන...
31 07 2023 - 09:00 AM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
26 07 2023 - 09:30 AM