පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ජාතික ළමා සභාව 2023 - සමාප්ති උත්සවය

21 11 2023 - 10:00 AM

2023 ජාතික ළමා සභාවේ සමාප්ති උත්සවය 2023.11.20 වන දින තුල්හිරිය මාස් ඇතීනා ආයතනයේ දී පැවැත්වුණි. 2024/2025 වසර සඳහා ජාතික ළමා සබා නිලවරණයෙන් තේරී පත් වූ නව සභාපති වෙත සන්නස් පත්‍ර ප්‍රදානය භාර දීම, ජාතික ළමා සභාවේ සියළුම දරුවන්ට සහතික පත් හා තිළිණ ලබා දීම මෙම උත්සවයේ දී සිදු කරන ලද අතර එම අවස්ථාවට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

සබරගමුව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ලක්මාලී උදයංගනී මෙනවිය, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් මල්ශා ප්‍රියදර්ශනී මහත්මිය, වරකාපොල ප්‍රාදේශීය ලේකම් රංග සංජීව මහතා, වරකාපොල පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති ප්‍රදාන ආරාධිත අමුත්තන් අතර විය.

දරුවන්ට නවමු අත්දැකීමක් එක් කරමින් දින 3ක් පුරා පැවැත් වූ එම වැඩසටහනෙහි සුවිශේෂී අවස්ථා ඇතුළත් කෙටි වීඩියෝ දර්ශනයක් ද එහිදී ඉදිරිපත් කරන ලදි.

සහභාගීවන්නන් පිළිගනිමින් කතා කළ පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතා ප්‍රකාශ කරන ලද්දේ ළමා සමාජය අනාගත නායකයන් බිහි කරන තෝතැන්නක් බවට පත් විය යුතු බවයි.

දරුවන්ට නවමු අත්දැකීම් රැසක් ලබා දුන් මෙම වැඩසටහන සඳහා Save the Children, FISD, Sri Lankan Unites, Leads, Women Development Center, World Vision, Unicef යන රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් අනුග්‍රහය දක්වනු ලැබීය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk