පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමයින්ගේ උප්පැන්න සහතික හා අනුමාන වයස් සහතික පිළිබඳ ගැටළු විසඳා ගැනීමේ සාකච්ඡාව

29 03 2023 - 16:00 PM

දරුවන්ගේ, විශේෂයෙන්ම ආයතනගත දරුවන්ගේ උප්පැන්න සහතික හා අනුමාන වයස් සහතික සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් 2023.03.29 වන දින පිළියන්දල එස් ඕ එස් ළමා ගම්මානයේ දී පැවැත්විණි.

මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් එස් ඕ එස් ළමා ගම්මානය හා කිසිදු අත් නොහරින පරපුරක් (Generation Never Give Up) එකමුතුව විසින් අනුග්‍රාකත්වය සපයන ලදි.

මෙම විශේෂ වැඩසටහන සඳහා රාජ්‍ය ආයතන නියෝජනය කරමින් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්, රෙජිස්ට්‍රාර් ජනරාල්, අතිරේක නියෝජ්‍ය රෙජිස්ට්‍රාර් හා දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්වරු 25 දෙනෙකු පමණ සහභාගි විය.

එසේම එස් ඕ එස් ළමා ගම්මානයේ ජාතික අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, එස් ඕ එස් ළමා ගම්මාන වල අධ්‍යක්ෂවරුන්, නිලධාරීන් හා Generation Never Give Up හි නියෝජිතයින් මේ සඳහා සහභාගී විය.

එහිදී ඉදිරිපත් වූ ගැටළු සම්බන්ධයෙන් කඩිනම් සාධනීය ප්‍රතිචාර ලබා දිය හැකි බවට එහිදී එකඟ වන ලදි. 





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk