පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




අනන්‍යතාව හෙළි කිරීමට අකමැති මව්වරුන්ගේ බිළිඳුන් තබා යාම සඳහා කවුළු ස්ථාපනය කිරීම

30 03 2023 - 16:00 PM

කාන්තා, ළමා කටයුතු ගරු රාජ්‍ය අමාත්‍ය, ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ප්‍රධානත්වයෙන් අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති මව්වරුන් විසින් සිය භාරකාරිත්වය ගැනීමට අකමැති බිළිඳුන් තබා යාම සඳහා කවුළු ස්ථාපනය කිරීමපිළිබඳව සාකච්ඡාවක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරින් සහ අනෙකුත් අදාළ රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු නිලධාරීන් සමඟ 2023.03.30 වන දින අමාත්‍යාංශයේ දී පවත්වන ලදි. මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් යමුනා පෙරේරා මහත්මිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා, ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි නිර්මලී පෙරේරා මහත්මිය, නියෝජ්‍ය පොලිස්පති, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශ නිලධාරීන්, බස්නාහිර හා දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු කොමසාරිස්වරුන්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ.

 





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk