පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ඩිජිටල් කතන්දර කීමේ වැඩසටහන - අදියර II

22 01 2024 - 10:00 AM

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, යුනිසෙෆ් ආයතනය හා එක්ව ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ පණිවිඩ හා ක්‍රියාකාරකම් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීමේ පුහුණු වැඩසටහනක් පළාත් මට්ටමින් පවත්වන ලදි.

එම වැඩසටහනේදී ලබා ගත් දැනුමින්  දරුවන් නිර්මාණශීලිව  වීඩියෝ නිෂ්පාදනය  කරන ලද අතර  ඒවා ඇගයීමට ලක්කරන ලදී .

එම වීඩියෝ අතරින් ප්‍රශස්තම නිර්මාණ ඉදිරිපත් කල දරුවන් වෙනුවෙන් දින හතරක නේවාසික පුහුණු වැඩසටහනක්  2024.01.22 මහනුවර සත්‍යෝදය අධ්‍යාපන පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

මෙම වැඩසටහනේ මුල්‍ය දායකත්වය යුනිසෙෆ් ආයතනය විසින් සපයන අතර, සම්පත් දායකත්වය SDJF ආයතනය විසින් සපයයි.

මෙම වැඩමුළුව 2024.01.25 දින දක්වා පැවැත්වේ.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk