පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමා මූලික ආපදා අවදානම් අවමකරණය පිළිබඳ පුහුණු වැඩසටහන

05 03 2024 - 09:00 AM

ළමා මූලික ආපදා අවදානම් අවමකරණය පිළිබඳව ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් / ළමා හිමිකම්  ප්‍රවර්ධන සහකාර නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් පළාත් මට්ටමින් 2024.03.04 දින ආරම්භ කරන ලදී.

මෙහි ප්‍රථම වැඩසටහන වයඹ හා දකුණු පළාත් කේන්ද්‍ර කර ගනිමින් 2024.03.04 සහ 05 දෙදින පවත්වන ලද අතර ඊට සම්පත් දායකත්වය මෙම වැඩසටහන සඳහා විශේෂ පුහුණුවක් ලත් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින්ම සිදු කිරීම විශේෂත්වයක් විය.

මෙහි දකුණු පළාත් වැඩසටහන මාතර ගඟ අද්දර හෝටලයේ දී සහ වයඹ පළාත් වැඩසටහන හලාවත බණ්ඩාරවත්ත නිලාවින් හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙම වැඩසටහන යුනිසෙෆ් ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ඇතිව සිදු වන්නකි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk