පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා යුනිසෙෆ් ආයතනය එක්ව ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ පණිවිඩ ක්‍රියාකාරකම් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීමේ “Digital Storytelling” පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වන ලදි.
එම පුහුණුව සඳහා ළමා සමාජ දරුවන් ,ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරින් /සහකාර නිලධාරින්,විශේෂ අවශ්‍යතා ඇති දරුවන් කිහිප දෙනෙක් සහභාගී වූහ . මෙම වැඩසටහනට සම්බන්ධ වූ නිලධාරීන් විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් නිර්මාණ අතරින් ප්‍රශස්තම නිර්මාණ ඇගයීම 2024 අප්‍රේල් 18 වන දින Radisson හෝටලයේ පවත්වන ලදී.
එදින වැඩසටහනේදී digital storytelling වැඩසටහන බිම් මට්ටම කරා ගෙන යාමට සකස් කළ පුහුණු මැනුවලය වැඩි දියුණු කිරීම සඳහා නිලධාරීන්ගේ හා ළමා සමාජ දරුවන්ගේ යෝජනා හා අදහස් ලබා ගැනීමද සිදුවිය.
ඊට අමතරව නූතන තාක්ෂණය සුරක්ෂිතව භාවිතා කිරීම පිළිබඳව විශේෂ දේශනයක් SLCERTආයතනයේ තොරතුරු ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන නිලධාරී විසින් පවත්වන ලදි.
මෙම වැඩසටන පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මූල්‍ය අනුග්‍රහය දැක්වූ UNICEF ආයතනයේ හා සම්පත්දායකත්වය සැපයූ SDJF ආයතනයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු විය.
Digital Story Telling වැඩසටහන - නිලධාරීන්...
18 04 2024 - 09:00 AM
ළමා මූලික ආපදා අවදානම් අවමකරණය...
05 03 2024 - 09:00 AM
නව කොමසාරිස් විසින් රාජකාරි භාර...
06 02 2024 - 10:00 AM
ඩිජිටල් කතන්දර කීමේ වැඩසටහන - අදියර...
22 01 2024 - 10:00 AM