පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය




අම්මාවරුනේ සෞන්දර්යාත්මත රසවින්දන වැඩසටහන

08 03 2021 - 16:00 PM

2021.03.08 දිනට යෙදී ඇති ලෝක කාන්තා දින සැමරුම් වැඩසටහනෙහි සමාරම්භක වැඩසටහන ලෙස ගුණ නැණ බල සහිත ළමා පරපුරක් බිහි කිරීම වෙනුවෙන් යහපත් දෙමාපියභාවය ඇති කිරීම සඳහා වූ රසවින්දනාත්මක  වැඩසටහන අම්මාවරුනේ” - එදින, කොළඹ නිදහස් චතුරශ්‍රයේදි ප.ව. 4.00 ට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මෙහි සමාරම්භක අවස්ථාවට ගරු අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය, ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා, ගරු විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මැතිතුමා ඇතුළු  කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙකු , රාජ්‍ය අමාත්‍යවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙන්ම විවිධ ආයතන නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීහූ ද සහභාගී වූහ. අම්මාවරුනේ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා ගරු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාගේ සංකල්පයකට අනුව අමාත්‍යාංශ ලේකම් කුමාරි ජයසේකර මැතිනියගේ මාර්ගෝපදේශකත්වයෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් සුධීර නිලංග විතාන මහතාගේ මෙහෙයවීමෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි. මෙම වැඩසටහන ස්වාධීන රූපවාහිනි ආයතනය මගින් සජීවීව විකාශනය කරන ලදි.  

නවතම ප්‍රවෘත්ති

...

19 03 2021 - 10:00 AM

ප්‍රගති...

15 10 2020 - 09:00 AM





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 2186 065
  • pcc@sltnet.lk