පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලට අනුයුක්ත ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරි/සහකාර සඳහා වූ 2023 වසරේ පළමු ප්‍රගති සමාලෝචන රැස්වීම 2023.03.02 දින අමාත්‍යාංශයේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. එහිදී දෙපාර්තමේන්තුවේ ඉදිරි කටයුතු හා ප්‍රාදේශීය මට්ටමේදී දෙපාර්තමේන්තු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ඇති වන ගැටළු පිළිබඳ සාකච්ඡා කරන ලදී. මෙම අවස්ථාවට පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා, නියෝජ්‍ය කොමසාරිස් හර්ෂිකා එදිරිවීර මහත්මිය, සහකාර කොමසාරිස් සඳරේඛා ලියනගේ මහත්මිය, නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) දිලිනි ගමගේ මහත්මිය ඇතුළු පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරින් සහභාගී වූහ.
ළමා සහභාගීත්ව අයිතිය තහවුරු...
08 03 2023 - 13:00 PM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM
“සිප් සවි’’ අධ්‍යාපන ශිෂ්‍යත්ව...
15 02 2023 - 10:00 AM