පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



ජාතික ළමා පුහුණු හා උපදේශන සේවා මධ්‍යස්ථානය

 

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනුබද්ධිතව පිහිටුවා ඇති ජාතික පුහුණු හා උපදේශන මධ්‍යස්ථානය අපයෝජන තත්වයන්හට ගොදුරු වීමෙන් මානසික පීඩනයට පත් වූ ගැහැණු දරුවන් සදහා උපදේශන සේවය ලබා දී ඔවුන් සමාජගත කිරීමට අවශ්‍ය කටයුතු කිරීම අරමුණු කරගනිමින් පිහිටුවා ඇත. මාස 6 ක කාලයක් සදහා උපදේශන සේවය අවශ්‍යයැයි හදුනා ගන්නා ලද දරුවන් පළාත් පරිවාස කොමසාරිස් වරුන් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් විසින් මෙම ආයතනය වෙත යොමු කරයි.

මෙම කාලය තුල දරුවන්හට නේවාසික ප්‍රතිකාර ලබා දෙන අතරම පෞර්ෂ සංවර්ධන වැඩසටහන් මෙන්ම වෘත්තීය පුහුණු වැඩසටහන් ද පවත්වනු ලබයි. සියළු ප්‍රතිකාර නිමකීරීමත් සමගම දරුවන් සමාජගත කිරීමට අවශ්‍ය පියවරයන් ගන්නා අතරම සමාජගත කළ නොහැකි නෛතිකමය ගැටළු ඇති දරුවන් නැවතත් පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයට පත්කරනු ලබයි.

මෙම ආයතනයෙහි පරිපාලනය පරිවාස කොමසාරිස්ගේ අධීක්ෂණ යටතේ ස්ථානභාර ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරියෙකු මගින් සිදු කෙරේ. උපදේශන නිලධාරීන් මෙන්ම වෘත්තීය නිපුණතා සංවර්ධන නිලධාරීන්ගේ සේවය ද මෙම ආයනතනය වෙත ලැබෙන අතර අතැම් අවස්ථාවන් හී දී දරුවන් රැකියා සදහා යොමු කිරීමට ද කටයුතු කෙරේ.

 

ලිපිනය:

ස්ථානභාර නිලධාරි

ජාතික ළමා පුහුුණු හා උපදේශන සේවා මධ්‍යස්ථානය,

ගල්කණුව පාර,

ගොරකාන,

දු.ක.: 038 2297353




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk