පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



අත්වැල

අත්වැල අනුග්‍රාහක - මා පිය කැපකරු යෝජනා ක්‍රමය

 

දරුවන්ට උපකාර, සහයන් ඉල්ලමින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට දිනපතා ඉල්ලිම් රැසක් ලැබේ. ලැබෙන ඉල්ලීම් අතරින් බහුතරයක් එම දරුවන්ගේ පවුල්වල පවතින ආර්ථික දුෂ්කරතා නිසා මතුව ඇති ගැටළු බව පැහැදිලි ය. එබැවින් සුරක්ෂිත පවුලක දරුවෙකුට ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරමින් දරුවාගේ සමස්ථ සංවර්ධනය සැලසීමේ අරමුණින් මෙම අත්වැල අනුග්‍රාහක මා පිය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. එහිදී අනුග්‍රාහකයින් හා ආධාර අපේක්ෂිත දරුවන් / පවුල් අතර සම්බන්ධීකරණයක් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සිදු වේ.  මෙම වැඩසටහන තුළින් දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන, පෝෂණ, සෞඛ්‍ය  සහ ආරක්ෂාව යන ප්‍රධාන අවශ්‍යතාවයන් සඳහා මුල්‍යමය ආධාර, ද්‍රව්‍යමය ආධාර සහ සේවා සම්පානය සඳහා මැදිහත්වීම අපේක්ෂා කෙරේ. මේ සඳහා දරුවන් යොමු කිරීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සේවය කරන ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහ ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් මගින් සිදු වේ.

මෙම වැඩසටහන සඳහා අධාර අපේක්ෂිත දරුවන්ගේ සහ අනුග්‍රාහකයන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා සකස් කර ඇති ගූගල් අයදුම්පත්‍ර පහත සබැඳිය හරහා ලබා ගන්න.




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk