පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ඉන්දියාවේ SRM University AP හි විද්‍යාර්ථීන් සමඟ පැවති සාකච්ඡාව

17 07 2023 - 10:00 AM

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවත්නා අන්තර්ජාතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් අන්තර්ජාතික සබඳතා පිළිබඳ උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන විද්‍යාර්ථීන් සඳහා ප්‍රායෝගික විදේශීය අත්දැකීම් හුවමාරු වැඩසටහනක් ලෙස, ඉන්දියාවේ SRM University AP හි විද්‍යාර්ථීන් සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් 2023.07.06 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.

මෙහිදී අදාළ විද්‍යාර්ථීන් නිශ්චිත කෙටි කාලසීමාවක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට හා ආයතනගත දරුවන් සඳහා පෞරුෂ සංවර්ධනය සහ අන්තර් පුද්ගල කුසලතා සංවර්ධනය ආදී වැඩසටහන් නව මුහුණුවරකින් දියත් කිරීම ඇතුළුව ශ්‍රී ලංකාවේ ආර්ථික, සංචාරක, අත්කම් ආදී ක්ෂේත්‍ර කිහිපයක අත්දැකීම් ලබා දීමට අදහස් කෙරේ.

මෙම සාකච්ඡාව සඳහා පරිවාස කොමසාරිස් නිමල් ලියනගේ මහතා, නියෝජ්‍ය කොමසාරිස් හර්ෂිකා එදිරිවීර මහත්මිය, SRM University AP හි අන්තර්ජාතික සබඳතා හා උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ Dr. Naga Swetha Pasupuleti මහත්මිය ආදී මහත්ම මහත්මීන් සහභාගී වූහ.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk