පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය



නිති අසන පැණ

  1. දේශීය වශයෙන් දරුවෙකු හදා වඩා ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කුමක්ද?

ඉල්ලුම්කරුවන් පදිංචි පළාතේ පළාත් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු වීම.

 

  1. විදේශීය වශයෙන් දරුවෙකු හදාවඩා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය කුමක්ද?

පහත සබැඳිය මගින් අදාළ තොරතුරු ලබා ගන්න

http://www.probation.gov.lk/prodationpage_e.php?id=29

 

  1. විදේශිය හදාවඩා ගැනීමට ලබාදුන් දරුවෙකුගේ ස්වභාවික දෙමාපියන් සොයාගන්නේ කෙසේද?

ඉල්ලුම්කරුවන් විසින් එවන ලද ඉල්ලීම් හා තොරතුරු අනුව දෙපාර්තමේන්තු ලේඛනාගාරයේ දැනට පවතින වාර්තා, අදාළ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු වාර්තා , උපත සහතික කර ගැනීම සඳහා රෝහල් වාර්තා , මව පදිංචිව සිට ඇති බව සනාථ වේ නම් ඊට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීගේ වාර්තාව, ළමා නිවාසයක සිට ඇත්නම් ළමා නිවාස පාලිකවගෙන් වාර්තා කැඳවීම. එම වාර්තාවල තොරතුරු අනුව ස්වභාවික මව සොයා ගැනීමේ හැකියාව හෝ නොහැකියාව පිලිබඳ ඉල්ලුම් කරුවන් දැනුවත් කිරීම.

 

  1. නිසි රැකවරණයක් හා අධ්‍යාපනයක් නොලැබෙන දරුවන් සම්බන්ධයෙන් හා ගැටළුවලට මුහුණදෙන හෝ ගැටළුකාරි දරුවන් සම්බන්ධයෙන් පැමිණිලි කළ යුත්තේ කාටද?

මෙවැනි දරුවන් සම්බන්ධයෙන් ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/සහකාර, ශ්‍රි ලංකා පොලිසිය/ළමා හා කාන්තා කාර්යාංශය, ළමා හා කාන්තා ඒකකය ප්‍රා.ලේ.කාර්යාලය හෝ ඔබ ප්‍රදේශයට අදාළ පරිවාස නිලධාරි වෙත යොමු වන්න.

 

  1. හදාවඩා ගැනීමට අපහසු දරුවන් (අබාධිත තත්වයේ පසුවන දරුවන්) භාරගැනීමේ ක්‍රමවේදයක් පවතින්නේ ද?

මෙලෙස අබාධිත දරුවන් භාර ගැනීම හා නේවාසික රැකවරණය ලබා දෙනු ලබන්නේ පළාත් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තු මගිනි. ඔබට අදාළ පළාතේ පරිවාස දෙපාර්තමේන්තුව වෙත යොමු වන්න.

 

  1. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වු දරුවෙකු යොමු කරන්නේ කාටද?

මත්ද්‍රව්‍ය නිවාරණ නිලධාරී ප්‍රා.ලේ.කාර්යාලය, සමාජසේවා නිලධාරි/උපදේශන නිලධාරි, පොලිසිය/සමෘද්ධි අංශයේ සමාජ සංවර්ධන නිලධාරි හෝ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී/සහකාර නිලධාරී වෙත යොමු කිරීමෙන් අවශ්‍ය සහාය/සේවය ලබා ගත හැකිය.

 

  1. දරුවකු ළමා නිවාසගත කරන්නේ කෙසේද?

ළමුන් නිවාසගත කිරීම අවසාන විකල්පය වශයෙන් සිදු කෙරේ. ළමා නිවාස සම්බන්ධව හා ළමයින් ළමා නිවාසගත කිරීම සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ අදාළ පළාත් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තු මගිනි. ඔබ ප්‍රදේශයට අදාළ පරිවාස කාර්යාලයෙන් මෙම තොරතුරු ලබා ගත හැක.

 

  1. අවදානම් සහගත දරවෙකුට ආධාරයක් ලබාගන්නේ කෙසේද?

ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන්/ සහකාර (ප්‍රා.ලේ.කා) සමඟ සම්බන්ධ වී දරුවාගේ අවශ්‍යතාවය පැහැදිලි කර පවතින ආධාර ක්‍රමයන් යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය අයඳුම්පත් හා ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් ඉදිරිපත් කිරීම.

 

  1. ආර්ථික දුෂ්කරතා සහිත දරුවකුට අනුග්‍රහය දැක්වීමට/ උපකාර කිරීමට ඇති අවස්ථා මොනවාද?

අත්වැල හෝ සෙවණසරණ ආධාර වැඩසටහන් ක්‍රම මගින් තෝරාගනු ලබන දරුවන් සඳහා දායකත්වය ලබා දීමට අවස්ථාව ඇත.

 

  1. ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අනුග්‍රහ ලබාදීම් කිරීමට මධ්‍යස්ථානයක් තෝරාගන්නේ කෙසේද?

ළමා නිවාස සම්බන්ධව කටයුතු කරනු ලබන්නේ අදාළ පළාත් පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තු මගිනි




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk