පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමා මව්වරුන් බිහිවීම වැළැක්වීමට සැලසුම් කිරීම - 2023.01.16

16 01 2023 - 10:00 AM

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සභාපති ඇතුළු කාර්යය මණ්ඩලය සමග විශේෂ සාකච්ඡාවක්  පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ඉල්ලීමක් පරිදි දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහභාගීත්වය ඇතිව නොබෝදා පැවැත්විණ.

එහි මූලික අරමුණ වූයේ ළමා මව්වරු බිහිවීමේ අවදානම අවම කිරීමට ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කිරීමට සාකච්ඡා කිරීමයි. විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ නිලධාරීන් මෙන්ම පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ බිම් මට්ටමේ නිලධාරීන් එක්ව දරුවන් වෙනුවෙන් සේවය සැලසීම තුළ ළමා අයිතිවාසිකම් අහිමිවීමේ අවස්ථා බොහෝදුරට අවම කර ගත හැකි බව සාකච්ඡා විය.

විශේෂයෙන් දරුවන්ගේ අයිතිවාසිකම් කඩවීමේ අවස්ථාවලදී භාවිතාකරන තාක්ණික ක්‍රමවේදයක් වූ සිද්ධි සම්මන්ත්‍රණ පැවැවීමේදී සෞඛ්‍ය ක්ෂේතත්‍රයේ දායකත්වයෙහි වැදගත්කම සහ ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන් ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ කටයුතු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කරන ලදි.

මීට අමතරව කල්පිටිය උච්චමුණි දූපතේ දරුවන් වෙනුනේ ක්‍රියාත්මක  විශේෂ වැඩසටහන පිළිබ‍ඳව ඔහු දැනුවත් කල අතර එහි දරුවන් මුහුණ දෙන සෞඛ්‍ය ගැටළු කිහිපයක් විසදා ගැනීට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන ලෙස ඉල්ලීමක්ද සිදු කරන ලදී.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk