ළමයින්ගේ සහභාගීත්ව අයිතිය තහවුරු කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රියාත්මක කරන ළමා සමාජ හා ළමා සභා වැඩසටහන වඩාත් පුළුල් කරමින් ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ මූලික සාකච්ඡාවක් 2023.03.07 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මේ සඳහා Save the Children, Leads, FISD, WDC, Sri Lanka Unites යන රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් සහභාගී විය. දරුවන් වඩාත් බල ගන්වමින් ඔවුන්ව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට ළමා සමාජ, ළමා සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට සහ ජාතික ළමා සභාව රැස් කිරීම සම්බන්ධයෙන් ළමා සභා දරුවන්ගේ අදහස් ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.
පවුල ශක්තිමත් කිරීමේ ක්‍රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM