පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ආංශික වැඩසටහන (ආරක්ෂාව සහ නීති) - දෙවන දිනය

20 05 2023 - 10:00 AM

එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ ක්‍රියාත්මකභාවය හා සම්බන්ධ 7 වන කාලාන්තර රාජ්‍ය වාර්තාව සැකසීම සඳහා තොරතුරු ලබා ගැනීමේ සම්මන්ත්‍රණ මාලාව අංශ 04ක් යටතේ දින 04ක් තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

ඒ අනුව, ළමා ආරක්ෂාව සහ නීති පිළිබඳ දෙවන ආංශික වැඩසටහන 2023.05.19 දින ශ්‍රි ජයවර්ධනපුර මොනාක්  ඉම්පීරියල් හිදී පැවැත්විණි.

මෙම අවස්ථාවට නතාෂා බාලේන්ද්‍රන් (උපදේශක) මහත්මිය, ළමා ආරක්ෂාව සහ නීති හා සම්බන්ධව කටයුතු කරන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන නියෝජනය කරමින් නිළධාරීන් රැසක් සම්බන්ධ වූහ.

 





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk