කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එක්ව මෙවර ලෝක ළමා දින ජාතින උත්සවය ගරු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය කලාකීර්ති ගීතා සමන්මලී කුමාරසිංහ මැතිණියගේ ආරධනයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් මස 01 වන දින අරලියගහ මන්දිරයේදී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදි.
මේ සඳහා ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පිහිටුවා ඇති ජාතික ළමා සභාවේ ළමුන්, ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල ළමුන්, පාසැල් ළමුන්, විශේෂ අවශ්‍යතා සහිත ළමුක් මෙන්ම පුත්තලම, කල්පිටිය ගම්මානයේ ළමුන් ද ඇතුළුව ළමුන් 375 ක් පමණ සහභාගී විය.
මෙහිදී ලෝක ළමා දින සැමරුම් මුද්දරය හා මුල් දින කවරය එළිදැක්වීම, දේශගුණික විපර්යාස වලට අනුවර්ථනය වීම පිළිබඳ ශ්‍රී ලංකා ළමා ප්‍රකාශය එළිදැක්වීම, ළමා මූලික ආපදා අවමකරණ මාර්ගෝපදේශය පිළිගැන්වීම, ළමා කේන්ද්‍රීය ආපදා අවම කිරීමේ වැඩසටහන යටතේ හොඳම ව්‍යාපෘති ඇගයීම, ඩිජිටල් කතන්දර කීමේ වැඩසටහනෙහි ජයග්‍රාහකයන් ඇගයීම සිදු වූ අතර එම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා වටිනා ත්‍යාග සහ සහතිකපත්‍ර පිරිනැමීම ද මෙහිදී සිදු විය.
සංස්තෘතිකාංග රැසකින් සමන්විත වූ මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහක දායකත්වය යුනිසෙෆ්, SOS ළමා ගම්මානය, ලීඩ්ස්, වර්ල්ඩ් විෂන් යන ආයතන මගින් ලබා දෙන ලදි.
මෙම අවස්ථාවට රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ප්‍රධානීන්. දෙස් විදෙස් නියෝජිතයන් ඇතුළු නිලධාරීන් රැසක් ද සහභාගී වූහ.
ජාතික ළමා සභාව -...
23 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව 2023 - සමාප්ති...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභා...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව -...
17 11 2023 - 10:00 AM