පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




පළාත් පාලන ආයතන වල ක්‍රියාකාරීත්වය සඳහා ළමා සහභාගීත්වය ලබා ගැනීම

19 01 2024 - 09:00 AM

පළාත් පාලන ආයතන වල ක්‍රියාකාරීත්වය සඳහා ළමා සහභාගීත්වය කෙසේ ලබා ගත හැකිද යන්න පිළිබඳ වැඩසටහනක් මෙරියට් හෝටලයේ දී 2024.01.17 හා 18 යන දෙදින යුනිසෙෆ් ආයතනය මගින් පවත්වන ලදි.

Child Friendly Local Governance in Sri Lanka, Experience and Lesson Learnt ලෙස එම වැඩසටහන නම් කර තිබුණි.

මෙම වැඩසටහනේ දී ජාතික ලමා සභාවේ දරුවන් විසින් පළාත් පාලන ආයතන නිලධාරීන් වෙත තම අදහස් ලබා දීම මෙන්ම ඔවුන් විසින් මේ වන විට ක්‍රියාත්මක කරන වැඩසටහන් කිහිපයක් හඳුන්වා දීම ද සිදු කරන ලදි.

පළාත් පාලන ආයතන මගින් දරුවන් සම්බන්ධ කටයුතු වලදී දරුවන්ගේ අදහස් ලබා ගැනීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධානතම කරුණ විය.

මෙම වැඩමුළුවට සහභාගී වූ ජාතික ළමා සභාවේ දරුවන්ගේ ඉදිරිපත් කීරිමට ඉතා ඉහළ පිළිගැනීමක් ලැබුණු අතර උතුරු පළාත් ප්‍රධාන ලේකම්තුමන් ඇතුලු ආයතන පුධානීන් දරුවන්ගේ අදහස් ඉදිරි වැඩසටහන් සැලසුම් කිරීමේ දී ලබා ගන්නා බවට සහතික වන ලදි. එසේම, උතුරු පළාත් ප්‍රධාන ලේකම්තුමන් විසින් දරුවන් මගින් ක්‍රියාත්මක කරන ලද ළමා කේන්ද්‍රීය ආපදා අවමකරණ වැඩසටහනට (CCDRR) අදාළ අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා උතුරු පළාත වෙත පැමිණෙන ලෙස ආරාධනා ලැබීමත්, හේමාස්, කීල්ස් ආයතන සමග එක්ව වැඩකිරීමට ජාතික ළමා සභාව වෙත ආරාධනා ලැබීමත්, පළාත් සභා යාන්ත්‍රණය සමග සම්බන්ධ වීමට ළමා සමාජ වලට අවස්ථාවක් ඇති කිරීමට තීරණය වීම විශේෂ ජයග්‍රහණයන් ලෙස දැක්විය හැකිය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk