පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ආරක්ෂණ සැලසුම් සකස් කිරීම

අවදානම් තත්වයේ පසුවන දරුවන් සඳහා දිගු කාලීනව ආරක්ෂාව සහතික කිරීමේ වැඩ පිළිවෙල ආරක්ෂණ සැලසුම් සකස් කිරීමයි. ළමා ආරක්ෂාව සහතික කිරීමේ ශිල්පීය ක්‍රමවේදයක් ලෙස මෙහි අවශ්‍යතාව මතු වන්නේ 2011 වර්ෂයේ දී දීප ව්‍යාප්තව කරන ලද අවදානම් සහිත ළමුන් හදුනා ගැනීම පිළිබඳ වු සමීක්ෂණය තුළින් විශාල ළමුන් සංඛ්‍යාවක් හඳුනා ගැනීමට ලැබීම හේතුවෙනි.

මේ ආකාරයට හඳුනා ගන්නා ලද දරුවන්ගේ අවදානම් තත්වයන් විවිධ විය. ඔවුන්ගේ අවදානම් තත්වයට අනුව එම අවදානම් තත්ත්වයෙන් අහෝසි කර ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂණ සැලසුම් සකස් කිරීම සිදු කරයි. එය කෙටි කාලීනව මෙන්ම වසර කීපයක් පුරා දිගු කාලීනවද ක්‍රියාත්මක කිරීමට සිදුවන අතර ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන් හා ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාරවරුන් පසු විපරම් කිරීම සිදු කරනු ලබයි.

මෙම ආරක්ෂණ සැලසුම් සකස් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම හා ඇගැයීම ඇතුළු සියළු කටයුතු වලදී වෙනත් ක්ෂේත්‍ර නිලධාරීන් ගේ සහය ද ලබා ගනු ලැබේ. ළමා ආරක්ෂාව තහවුරු කිරීමේ දී තනි පුද්ගලයකුට වඩා ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ ක්‍රියා කිරීමේ ඇති වැදගත්කම මේ තුළින් අවධාරණය කර ඇත.

මෙම ආරක්ෂණ සැළසුම් සකස් කිරීම තුළින් දරුවාට ආරක්ෂාව සහ සංවර්ධනය ලැබෙන අතරම පවුල නගා සිටුවීම ද සිදුවෙයි. විශේෂයෙන් දරුවන්ගේ පෝෂණය හා සංවර්ධනයට අවශ්‍ය පවුලේ ආදායම් මාර්ග වැඩි දියුණු කිරීම, සනීපාරක්ෂක පහසුකම් වර්ධනය මෙන්ම අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීම සඳහා ද අවශ්‍ය පහසුකම් සපයා දීමට මේ තුළින් හැකියාව ලැබී ඇත

වර්තමාන ව්‍යාපෘති

ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය

ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය...

යුනිසෙෆ් ව්‍යාපෘති

යුනිසෙෆ් ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන...

ආරක්ෂණ සැලසුම් සකස් කිරීම

අවදානම් තත්වයේ පසුවන දරුවන් සඳහා...

ළමා කේන්ද්‍රීය ආපදා අවම කිරීම

පරිවාස හා ළමාරක්ෂක සේවා...




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk