ළමා සහභාගීත්ව අයිතිය තහවුරු කිරීම සඳහා 2022 ලෝක ළමා දිනය වෙනුවෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද ළමා චිත්‍ර තරගාවලියේ විනිශ්චය කටයුතු 2022.08.23 වන දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි. මෙම තරග විනිශ්චය කටයුතු සඳහා ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි පෙරේරා මහතා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුනෙත් ප්‍රිය අරවින්ද මහතා සහ කථිකාචාර්ය ඉසුරු සුරේන් මහතා දායකත්වය දක්වන ලදි. එසේම මෙම තරගය සඳහා දිවයින පුරා දරු දැරියන් විසින් ඉදිරිපත් කරන ලද නිර්මාණ 3000 කට අධික සංඛ්‍යාවක් ලැබුණි.
ජාතික ළමා සභා...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව -...
17 11 2023 - 10:00 AM
විකල්ප රැකවරණය පිළිබඳ කාර්ය සාධක...
15 11 2023 - 10:00 AM
ප්‍රගති සමාලෝචන රැස්වීම - යාපනය,...
10 11 2023 - 09:30 AM