පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




අවදානමට පෙර සූදානම-සිතියම්ගත කිරීමෙන් අවදානම් දරුවන් පිළිබඳ තොරතුරු ලබාගැනීමේ ඒකාබද්ධ පුහුණු වැඩසටහන

01 12 2022 - 10:00 AM

සිතියම්ගත කිරීමෙන් අවදානම් දරුවන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ ඒකාබද්ධ පුහුණු  වැඩසටහන 2022 /11 /29 ,30 සහ 2022/12/01 යන දිනයන්හි පවත්වන ලදී. එහිදී පළමු දින පුත්තලම දිස්ත්‍රික්කයේ සියළුම නිලධාරීන් සඳහා අවදානම් දරුවන් පිළිබඳ දත්ත පද්ධතියක් සකස් කර ගැනීමට අදාල මුලික අවබෝධය ලබා දෙන ලදි.

දෙවන සහ තෙවන දිනවලදී එම කටයුතු ක්ෂේත්‍රය තුල සිදු කරන ආකාරය පිළිබඳව නිලධාරීන්ට ප්‍රායෝගික අවබෝධය ලබා දීම කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසට  අයත් උච්චමුණි දුපත් කොටස තුළදී සිදු කරන ලදි.

සහභාගී වු පිරිස කොටස් තුනකට බෙදා පවුල් 175 කට ආසන්න ප්‍රදේශයක සමීක්ෂණය සිදු කල අතර ලබා ගත් දත්ත සහ තොරතුරු විශ්ලේෂණය කිරීමේ තෙවැනි වැඩසටහන 2022.12.15 දින පැවැත්වීමට නියමිත අතර ඒකාබද්ධ ප්‍රවේශයක් තුළින් හදුනා ගනු ලබන අවදානම් දරුවන් හා තත්ත්වයන් සම්බන්දයෙන් ක්‍රියාත්මක වීමට අපේක්ෂිතය.

මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ වර්ල්ඩ් විෂන් ආයතනයේ එකාබද්ධ වැඩසටහනකි. මේ සඳහා මුල්‍ය අනුග්‍රහය වර්ල්ඩ් විෂන් ආයතනය මගින් ලබා දෙන ලදි.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk