කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, නිල්මිණි හේරත් මහත්මියගේ මූලාසනයෙන් හා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටු රැස්වීම සෙත්සිරිපාය, දෙවන අදියර පිහිටි පළමු මහල පිහිටි සම්මන්ත්‍රණ ශාලාවේ දී 2023.02.15 දින පවත්වන ලදි.
ළමයින් සම්බන්ධයෙන් ඍජුව හා වක්‍රව සේවා සපයන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන ප්‍රධානීන් සහ අතිගරු ජනාධිපතිතුමන් විසින් පත් කරනු ලබන කමිටු සමාජිකයන්ගේ සක්‍රීය දායකත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්විණි.
දිස්ත්‍රික් හා පළාත් මෙහෙයුම් කමිටු හරහා ජාතික මෙහෙයුම් කමිටුව තෙ යොමු කරන ලද ගැටළු සහ 2023 අගෝස්තු 10 වන දිනට ඉදිරිපත් කළ යුතුව ඇති ශ්‍රී ලංකාවේ ළමයින්ගේ තත්වය පිළිබඳ ඇගයීම් හා නිර්දේශ වලට අදාළ 7 වන කාලාන්තර වාර්තාව සකස් කිරීමේ ක්‍රියාවලිය, තොරතුරු ලබා ගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවට ලක් විය.
පවුල ශක්තිමත් කිරීමේ ක්‍රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM