දරුවන් ජීවත් වන පවුල් වල පවතින ගැටළුකාරී තත්වයන් හඳුනා ගෙන ඒවා අවම කරමින් දරුවන්ට සුරක්ෂිත පවුලක් ගොඩනැගීමට මැදිහත්වීමේ ක්‍රමවේද පිළිබඳව අත්දැකීම් හුවමාරු කර ගැනීමේ වැඩසටහනක් 2023.03.15 වන දින බත්තරමුල්ල සෙත්සිරිපාය මුල් ළමා විය සංවර්ධනය පිළිබඳ ලෝක බැංකු ව්‍යාපෘති ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මේ සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධරීන්, ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර නිලධාරීන් හා ජාතික ළමාරක්ෂක අධිකාරියේ ළමාරක්ෂක නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
පවුල් වල පවතින අවදානම් තත්වයන් හඳුනා ගෙන ඒවාට බහු පාර්ශවීය මැදිහත්වීම් ක්‍රම තුළින් පවුල් බල ගැන්වීම හා අධීක්ෂණ ක්‍රමවේද පිළිබඳව දැනුම ලබා දීම එහිදී සිදු විය.
මේ සඳහා සම්පත් දායකත්වය සෙයිරී (CERI) ආයතනයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ඉයන් ෆෝබර් ප්‍රැට් (Ian Forber Prat) මහතා විසින් සිදු කරන ලදි.
මෙම අවස්ථාවට සෙයිරී ශ්‍රී ලංකා ආයතනයේ නියෝජිත දර්ශන් මහතා සහ උපදේශිකා සොහානි මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූ අතර, මෙම වැඩසටහන පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලදි.
පවුල ශක්තිමත් කිරීමේ ක්‍රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM