එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියේ ක්රියාත්මකභාවය හා සම්බන්ධ 7 වන කාලාන්තර රාජ්‍ය වාර්තාව සැකසීම සඳහා තොරතුරු ලබා ගැනීමේ සම්මන්ත්රණ මාලාව අංශ 04ක් යටතේ දින 04ක් තුළ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව, ළමා ආරක්ෂාව (නීති) පිළිබඳ පළමු ආංශික වැඩසටහන 2023.05.18 දින ශ්‍රි ජයවර්ධනපුර මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්විණි.
මෙම අවස්ථාවට කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිල්මිණි හේරත් මහත්මිය, පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් නාමල් ලියනගේ මහතා, නතාෂා බාලේන්ද්‍රන් (උපදේශක) මහත්මිය සහ ළමා ආරක්ෂාව (නීති) හා සම්බන්ධව කටයුතු කරන අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන නියෝජනය කරමින් නිළධාරීන් රැසක් සම්බන්ධ වූහ.
2018 වසරේ සිට මෙම වාර්තාව සැකසීම සඳහා තොරතුරු රැස් කිරීමේ කටයුතු ක්‍රියාත්මක වූ අතර, 5 වන හා 6 වන ඒකාබද්ධ කාලාන්තර වාර්තාව සම්බන්ධයෙන් ලබා දුන් අවසාන නිරීක්ෂණ සම්බන්ධයෙන් හා එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ ආයතන ගන්නා ලද සාධනීය ක්‍රියාමාර්ග පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම මෙම වැඩමුළු පැවැත්වීමේ අරමුණු විය.
මේ සම්බන්ධයෙන් තවත් වැඩමුළු කිහිපයක් ඉදිරියේ දී පැවැත්වීමට නියමිතය.
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
26 07 2023 - 09:30 AM
Digital Story Telling - නැගෙනහිර පළාත් වැඩසටහන...
24 07 2023 - 09:00 AM
ඉන්දියාවේ SRM University AP හි විද්‍යාර්ථීන්...
17 07 2023 - 10:00 AM
Digital Story Telling - උතුරු මැද පළාත් වැඩසටහන -...
14 07 2023 - 09:00 AM