පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




Digital Story Telling - ජාතික වැඩසටහන

26 06 2023 - 09:00 AM

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා යුනිසෙෆ් ආයතනය එක්ව ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ භාවිතයෙන් ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අදාළ පණිවිඩ හා ක්‍රියාකාරකම් සමාජගත කිරීමට අවශ්‍ය දැනුම, කුසලතා ලබා දීමේ “Digital Story Telling” පුහුණු වැඩසටහන් මාලාවක් පළාත් මට්ටමින් නිලධාරීන් 270ක් හා විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ද ඇතුළුව දරුවන් 270ක් මූලික කරගනිමින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම වැඩසටහනේ සම්පත් දායකත්වය ශ්‍රී ලංකා සංවර්ධන  මාධ්‍යවේදීන්ගේ සංගමය (SDJF) විසින් ලබාදේ.

එහි පළමු ජාතික වැඩසටහන සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ සමුදි උත්සව ශාලාවේ දී 2023 ජූනි මස 23, 24 හා 25 යන තෙදින තුළ පවත්වන ලදි.

මෙහි සමාරම්භක අවස්ථාව සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතා ඇතුලු පිරිස හා  පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා, සහකාර කොමසාරිස් (තාක්ෂණ) සඳරේකා ලියනගේ මහත්මිය ඇතුලු පිරිස සහභාගී වූහ.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk