එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් සම්මුතියට අත්සන් තබා පිළිගත් රටක් ලෙස ළමුන්ගේ සහභාගීත්ව අයිතිය තහවුරු කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන වන්නේ ළමා සමාජ වැඩසටහනයි.
මෙම දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක ළමා සමාජ සංකල්පය නව දැක්මක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට තුන් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වැඩමුළුවක් 2023-09-07 වන දින රැඩිසන් හෝටලයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ළමා සමාජ නියෝජනය කරමින් දරුවන්, රාජ්‍ය නිළධාරීන් ,රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයින්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ඇතුළු තෝරාගත් පිරිසක් සහභාගී වු අතර, ඊට අදාල මුල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය යුනිසෙෆ් ආයතනය විසින් ලබාදෙන ලදී.
ජාතික ළමා සභාව -...
23 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව 2023 - සමාප්ති...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභා...
21 11 2023 - 10:00 AM
ජාතික ළමා සභාව -...
17 11 2023 - 10:00 AM