2021 ලෝක ළමා දින ජාතික සැමරුම සියල්ලටම පෙර දරුවන් යන්න තේමා කර ගනිමින් 2021.10.01 වන දින පවත්වන ලදි. පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ අදාළ සෞඛ්‍ය නීති රීති වලට අනුගත වෙමින් මෙවර ලෝක ළමා දින උත්සවය සැමරීමට අපට සිදු විය. ඒ අනුව කාන්තා හා ලමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන්, පරිවාස හා ලමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ලෝක ළමා දින සැමරුම සංවිධානය කරන ලදි. මෙවර ලෝක ළමා දින ජාතික උත්සවයට සමගාමීව වැඩසටහන් රැසක් දියත් ලංකාව පුරාම දියත් කෙරුණි. මෙම උත්සවයේ සජීව විකාශයක් ජාතික රූපවාහිනය ඔස්සේ එදින විකාශනය කරන ලදි
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, රාජ්‍ය අමාත්‍ය ගරු (වෛද්‍ය) සීතා අරඹේපොල මැතිතුමිය, රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය, පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් සුධීර නිලංග විතාන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ.
ආරක්ෂණ සැලසුම් සකස් කිරීමේ...
01 03 2022 - 10:00 AM
ක්ෂේත්‍ර නිලධාරීන් වෙත ලැප්ටොප්...
04 03 2022 - 10:00 AM
විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය...
21 02 2022 - 10:00 AM
සම්මාන...
28 12 2021 - 09:00 AM