පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමුන්ගේ සමාජ ආරක්ෂාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ළමා රැකවරණ ආයතනයේ (Save the Children ) මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය හා ළමා ලේකම් කාර්යාලය එක්ව ළමුන්ගේ සමාජ ආරක්ෂාව සඳහා වන ව්‍යාපෘතියේ කාර්යයන් ක්‍රියාත්මක කිරීමට වගකීම් පවරනු ලැබ ඇත.

ළමා රැකවරණ ආයතනය ( Save the Children ) මුලික ක්ෂේත්‍ර 04ක් ඔස්සේ ළමුන්ගේ ආරක්ෂාව සංවර්ධනය හා සහභාගීත්වය යන අයීතීන් ලාංකික සමාජය තුළ ශක්තිමත් කිරීම සඳහා මෙම ව්‍යාපෘතිය තුළින් මූල්‍ය දායකත්වය ලබාදෙනු ලැබේ.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව වෙත සුවිශේෂිත වගකීමක් 2017 වර්ෂයේ පවරනු ලැබ ඇත. ඒ යටතේ මෙම දෙපාර්තමේන්තුව වෙත රු.මි. 97.22 ප්‍රතිපාදන මුදලක් වෙන්කරන ලද අතර මෙම ප්‍රතිපාදන මුදල් පහත සඳහන් කාර්යයන් ඉටු කිරීම වෙනුවෙන් යොදවන ලදී.

අවදානම් දරුවන් සඳහා ආරක්ෂණ සැලසුම් සකස් කිරීම තුළින් එම දරුවන්ගේ අවදානම් තත්වයන් වළක්වා ඔවුන්ගේ ආරක්ෂාව සංවර්ධනය තහවුරු කිරීම, හදුනා ගනු ලැබූ සුවිශේෂිත ගැටළු සඳහා පර්යේෂණ සිදු කිරීම ඒ යටතේ මව් වරුන් විදේශගතවීම දරුවන්ගේ සංවර්ධනය හා ආරක්ෂාව සඳහා කරනු ලබන බලපෑම පිළිබඳවත්, ළමුන්ගේ සහභාගීත්ව අයිතිය සහතික කිරීම සඳහා නිර්මාණය කරන ලද ළමා සමාජ හා ළමා සභා පිළිබඳවත් පර්යේෂණයන් 02ක් සිදු කරන ලදී.

ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා සමාජ ව්‍යුහයන් ශක්තිමත් කිරීම සඳහා ග්‍රාමීය ළමා සංවර්ධන කමිටු මාර්ගෝපදේශ සංග්‍රහය මුද්‍රණය කර ලංකාව පුරා බෙදාහැර කමිටු සාමාජිකයන් පුහුණු කිරීම සිදු කර ඇත. ළමා අපයෝජන වැලැක්වීම සඳහා සිද්ධි කළමනාකරණ ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ කරන ලද අතර එය මේ වනවිට අවසන් අදියරේ පවතී.

ළමා ආරක්ෂාව හා ළමා අයිතිවාසිකම් ප්‍රචලිත කිරීම සඳහා ජාතික මට්ටමේ දැනුවත් කිරීම් වැඩසටහන් වෙනුවෙන් වීඩියෝ පටයක් නිර්මාණය කිරීමද මේ යටතේ සිදු කර ඇත. ළමුන්ගේ සාමාජ ආරක්ෂාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම තුළින් ලාංකික ළමුන්ගේ ආරක්ෂාව සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ළමුන්ට වඩාත් සුදුසු සමාජ පරිසරයක් නිර්මාණය කිරීමට සුවිශේෂිත දායකත්වයක් දක්වනු ලබන බව ඉතා පැහැදිලි කාරණයකි.

වර්තමාන ව්‍යාපෘති

ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය

ආසියානු සංවර්ධන බැංකු ව්‍යාපෘතිය...

ළමුන්ගේ සමාජ ආරක්ෂාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය...

ආරක්ෂණ සැලසුම් සකස් කිරීම

අවදානම් තත්වයේ පසුවන දරුවන් සඳහා...

ළමා කේන්ද්‍රීය ආපදා අවම කිරීම

පරිවාස හා ළමාරක්ෂක සේවා...




අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk