ආර්ථික දුෂ්කරතා නිසා අධ්‍යාපනය අහිමි වීමේ අවදානමට ලක්ව ඇති දරුවන් වෙනුවෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ඇට්ලස් ඇක්සිලියා ආයතනය සමඟ එක්ව දියත් කරන “සිප් සවි’’ අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන - දෙවන අදියර
2020 වසරේ සිට දැයේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීමේ අරමුණින් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව හා ඇට්ලස් ඇක්සිලියා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරනු ලබන “සිප්සවි’’ ශිෂ්‍යාධාර වැඩසටහනෙහි II වන අදියර සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම 2023.02.14 දින පෙ.ව.10.00 ට සෙත්සිරිපාය II වන අදියර, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ලෝක බැංකු ව්‍යාපෘතිය ශ්‍රවණාගාරයෙහිදී පැවැත්විණි.
පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නාමල් ලියනගේ මහතා සහ ඇට්ලස් ඇක්සිලියා ආයතනයෙහි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(සංවර්ධන) නිල්මිණි හේරත් මහත්මිය, ඇට්ලස් ඇක්සිලියා ආයතනයෙහි අලෙවි අධ්‍යක්ෂ කෞෂලී කුසුම්පාල , ප්‍රධාන ආයතන සම්බන්ධීකරණ නිලධාරී නදීකා ජයසිංහ ,විධායක ආයතන සම්බන්ධීකරණ නිලධාරී රොවින් විදුරංග සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් හර්ෂිකා එදිරීවීර යන මහත්ම මහත්මීන් සහභාගී විය.
මෙම වැඩසටහන යටතේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පාසල් යන දරුවන් 250 දෙනෙකුට මසකට රු.2000/- බැගින් ශිෂ්‍යාධාර ලබා දේ.
පවුල ශක්තිමත් කිරීමේ ක්‍රමවේද...
16 03 2023 - 10:00 AM
Affirmation of children’s Right to Participation...
08 03 2023 - 13:00 PM
ප්‍රගති සමාලෝචන රැස්වීම -...
03 03 2023 - 10:00 AM
ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාතික...
16 02 2023 - 10:00 AM