පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය




ළමා සහභාගීත්ව අයිතිය තහවුරු කිරීම

08 03 2023 - 13:00 PM

ළමයින්ගේ සහභාගීත්ව අයිතිය තහවුරු කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ක්‍රියාත්මක කරන ළමා සමාජ හා ළමා සභා වැඩසටහන වඩාත් පුළුල් කරමින් ඉදිරි වසර කිහිපය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ක්‍රියාකාරකම් සැලසුම් කිරීමේ මූලික සාකච්ඡාවක් 2023.03.07 දින පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විණි. මේ සඳහා Save the Children, Leads, FISD, WDC, Sri Lanka Unites  යන රාජ්‍ය නොවන සංවිධාන වල නියෝජිතයින් සහභාගී විය. දරුවන් වඩාත් බල ගන්වමින් ඔවුන්ව තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කිරීමට ළමා සමාජ, ළමා සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමට සහ ජාතික ළමා සභාව රැස් කිරීම සම්බන්ධයෙන් ළමා සභා දරුවන්ගේ අදහස් ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.





අප හා එක් වන්න

අප අමතන්න

  • පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුව
  • 3 වන මහල, සෙත්සිරිපාය, දෙවන අදියර,
  • බත්තරමුල්ල.
  • +94 11 2186 062/ 11 3082 483
  • +94 11 218 7285
  • pcc@sltnet.lk